ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම්
හදවත උදුරා ගත් වන බඹරා රහසේ මට කොඳුරයි
ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම්
තව මල් වලටත් රහස් කියනවා
වන බඹරුන් ඔහොමයි
පිපුණ කුසුම බඹර පහස අයදිනවා
අනඟ බඹරු කුසුම අසල ගැවසෙනවා
බඹර පෙම් ගී වලට රැුවටී - යොවුන් කුසුම් පුදයි මධු මී
වන බඹරුන් සැමදා මලින් මලකට තුඩ දී
කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු
රොනට ඇදුණු සළෙල බඹරු ඉගිලෙනවා
කුසුම බිඳුණු සිහින අතර තනි වෙනවා
චපල මිහිලොල් නගත හසරැුල් - වගුල කඳුළැල් සදග වන මල්
මල දෙදරා පන ගලවා ගෙන ගිය වන බඹරුන්
කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු
ගායනය - විශාරද නන්දා මාලනි
සත්ත්ව සංහතියේ ආරම්භය කවදා කෙසේ වුව ද එදා මෙදා තුර සත්ත්වයාගේ පරම්පරාව පවත්වාගෙන ඒමේ ඒකීය සාධකය බවට පත් වූයේ ප‍්‍රජනන ක‍්‍රියාවලියයි. නමුත් වර්තමානය තුළ මෙකීී ජීව විද්‍යාත්මක ලක්ෂණය ක‍්‍රියාත්මක වන්නේ හුදු ආශ්වාදනයක් ලබා ගැනීම සඳහා පමණක් ම බව සමාජ සංසිද්ධීන් ඔස්සේ ගම්‍යමාන වනු ඇත. මේ වන විට ශිෂ්ට සම්පන්න මිනිසුන් අතර පමණක් නොව අශිෂට වු තිරිසනුන් අතරද ලිංගිකත්වයේ මුල්‍යය සාධකය රාගය වී හමාරය. වීනරාගී මුණිවරුන් හැර අන් කවර අයෙකු තුළ වුව ද ජනිත විය හැකි මෙය විටෙක ගින්නකි. මිනිසුන් තිරිසනුන්, චපලයන්, කාමාතුරයන්, වංචාකාරයින් බවට පත් කළ ලිංගිකත්වය වර්තමාන සමාජය උඩුයටිකුරු කරන සුප‍්‍රකට සාධකයක් ව හමාරය.
නන්දා මාලනියගේ හඬින් ගැයෙන ”හදවත උදුරාගත් වන බඹරා” යන ගීය තුළ වර්තමාන මිනිසාගේ ලිංගිකත්වයේ ප‍්‍රබලතාව සුඵුට කරවයි. මෙහි එන ආකාරයට මුලින් ම එය කරලියට පැමිණෙන්නේ ආදරය සෙනෙහස නාමයෙන් ය.
හදවත උදුරා ගත් වන බඹරා රහසේ මට කොඳුරයි
යොවුන් විය, නව යොවුන්විය පමණක් නොව වැඩිහිටි පරපුර පවා වල්මත් කරවූ ආලය අන්දය. මුලදී ජීවිතය පුරාවට රකින්නට දෙන පොරොන්දුව බොරුවක්ව මුලාවක් බවට හරවන්නේ ලෙයට මසට පමණක් පෙම් බැඳීමෙන් ය. ලෙයට මසට පමණක් පෙම් බඳින්නා තුළ සැබෑ ආදරයක් හෝ ලෙන්ගතුකමක් නොමැත. ඒ නිසාම එක් මලකින් පහස ලද ඔවුන් අනෙක් මල් කරාද පියඹයි. නන්දා මාලියන්,
තව මල් වලටත් රහස් කියනවා
වන බඹරුන් ඔහොමයි
යනුවෙන් පවසන්නේ එවැනි සල්ලාලයෙකුගේ ගතිගුණ හොඳාකාරව මේ යැයි පවසන්නාක් ලෙසින්ය.
මිනිසා ස්වභාවිකවම විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය පතන්නේය. එය මිනිස් ශාරීරික මානසික අවශ්‍යයතාවකි. නමුත් එය සිදුවිය යුත්තේ සංස්කෘතිකමය සදාචාරාත්මක රාමුවේ සීමාවන්ට යටත්වය. එසේ නොමැති කළ එය අශිශ්ඨ අශ්ශීල කි‍්‍රයාවකි.මිනිසාගේ යථාර්ත ස්වභාවය
පිපුණු කුසුම බඹර පහස අයදිනවා
අනඟ බඹරු කුසුම අසල ගැවසෙනවා
යන්නෙන් නිරූපණය වෙයි. බඹරකු නිසාවෙන් මලක පරාගනය සිදුවෙයි. එමගින් ඵල හටගනියි. මෙය නම් මිනිස් ජීවිතය අපූරුවට සංකේතවත් කළ අවස්ථාවකි. නමුත් මෙහි දැක්වෙන බඹරාට මෙන් මිනිසාට මලින් මලට යෑමේ අවස්ථාවක් නිදහසක් නොමැත. එය සම්ප‍්‍රදාය, ආගම ඛණ්ඩනය කිරීමකී. සමාජ තහංචියකි.
නව යොවුන් වියට එළඹෙන ස්තී‍්‍ර පුරුෂ දෙපාර්ශවයේ චින්තනයේ ඒක දේශයක් මින් විග‍්‍රහයට බඳුන් වෙයි. එමෙන් ම පුරුෂ පේ‍්‍රමයේ හා ස්තී‍්‍ර පේ‍්‍රමයේ පරස්පරතාවක් පවතින බවද ගෙනහැර පායි. යුවතිය පෙම් හැඟුම් මවන්නේ සරාගී සිතිවිලි සමඟ වුවද කායික තෘප්තියට එහා ගිය ලෝකයක් පිළිබඳ ඇය මනෝ මාළිගා තනයි. එහෙත් පුරුෂ මනෝ භාවය සරාගී සිතිවිලි තුළින් ආශක්තව කායික සුවය පමණක්ම විඳ ගැනීමේ ස්වභාවයෙන් යුතු බව කවියා රසික හදවත් තුළ ජනිත කරවයි.
තරුණයා පේ‍්‍රම ගීතිකා ගයන්නට පෙළඹෙන්නේ තරුණිය පුරුෂ ස්පර්ශය අයදින විටයි. සුපුෂ්පිත කුසුම බඹරාට මධු මී පිරිනමන්නේ, දරුවන් පිළිසිඳ ගැනීම, දරුවන් වැදීම ආදී ක‍්‍රියාදාමයන් ගැනද සිතමින් වුවද හුදෙක් බඹරා මධු මී පහස විඳින්නේ එම අවස්ථාවේ සන්තර්පනයට මිස අනාගත කුටුම්බ ස්ථාපනයක් සඳහා නොවන බව කවියෙන් මතුවන්නේ, දෙපාර්ශවයම උපහාසයට බඳුන් කරමින්ය. ඒ,
බඹර පෙම් ගී වලට රැවටී - යොවුන් කුසුම් පුදයි මධු මී යනුවෙනි.
පුරුෂයා ව්‍යාග‍්‍රයකු හා සම බව මානව විද්‍යාඥයින්ගේ මතයයි. ව්‍යාග‍්‍රයා ගොදුරක් ලබාගත් පසු එය තමාගේ ක්ෂුදාව නිමවනතුරු බුදියි. අනතුරුව මාස ගණනක් වුවද ඌ අහරක් නොමැතිව සිටීයි. සැබෑ පුරුෂ ස්වභාවය නම් මෙයම නොවන්නේ ද? ස්වභාව ධර්මතාව තුළ, ලෝකාස්වාද රතියෙන් රසවත් වුණු ස්ත‍්‍රීයට දරුවන් පිළිසිඳවා, වදා, හදා නිමවනතුරු විවිධ දුක්ගැහැට වලට මුහුණ දීමට අවස්ථාව සැලසෙන අතර, පුරුෂයා ස්වභාව ධර්මය තුළ නිදහස්කාමී ස්වරූපයක් උසුලයි.
ගුම් ගුම් යන පදය පුනරුච්ඡුාරණය බඹර හඬම නොව යෞවනයින්ගේ අධ්‍යාත්මයේ බුර බුරා නැගෙන සරාගයේ පොපියන නිහඬතාවය මතුකරයි.බඹරා සහ මල සංකේතාර්ථයන් ය.සමස්ථ ස්ත‍්‍රී රූපය පුරුෂයාගේ කාම ගින්න නිවන උපකරණයක් හා සම බව පුරුෂ සමාජයක් සිතන අතර ස්ත‍්‍රීය සොබා දහමේ නිමයන්ට යටත්ව සිටිය යුතු බැවින් ගීතය තුළ මතුවන කථන යුවතියගේ අනුවේදනීය කනස්සල්ල හා පසුතැවිල්ල ගීතයෙන් ජනිත වෙයි.
පැරණි සමාජ රාමුව තුළ, සාපේක්ෂව මෙම කරුණ යහපත් යැයි විටෙක හැෙඟ්. මන්ද, ආදරය පේ‍්‍රමය වෙනුවෙන් පරිත්‍යාගයන් කළ මිනිසුන් සිටි බැවිනි. එහෙක් වත්මන් සමාජයේ ඍජු ලෙසම අයදින්නේ පේ‍්‍රමය නොව ලිංගිකත්වයයි.
රොන් ගත් බඹරා යළි මල දෙස නොබලයි. නොබලන්නේ පමණක් ම නොව ඔවුන් තමන්ගෙන් අසාධාරණයට ලක් වූ කාන්තාවන් දෙස උපහායෙන් යුතුව බැලූම් හෙලන්නේ තමන්ගේ කූඨ උපක‍්‍රමයන්ට ඔවුන් හසු වූවා යැයි ඔවුන්ට දැනවීමට මෙන්ය. එය
”චපල මිහිලොල් නගත හසරැුල්” යන්න තුළින් මෙන්ම ”මල දෙදරා පන ගලවා ගෙන ගිය වන බඹරුන්” යනුවෙන් ප‍්‍රතිභා පූර්ණව ඉදිරිපත්කොට තිබෙයි.
ගීත නිර්මාණය තුළ බඹරා හා මල යනුවෙන් රූපකාර්ථ නංවන්නේ තරුණ තරුණියන්ය. රස පහසේ මිරිකුණු මල සිහින අතර අතරමංව නොදුටු ලෝකයක් පිළිබඳ සිතමින් කඳුලූ වගුරද්දී බඹරා නැවත නැවුම් මලකට ආකර්ෂණය වන්නේ නිදහස් කාමීයෙකු ලෙසින්ය. සමාජ යථාර්තය නිරූපනයට නිර්මාණකරු ගත් උත්සාහය සාර්ථක බව මින් ගම්‍යමාන වෙයි. මෙවැනි බඹරුන් හේතුකොටගෙන අකලට පෙති සිඳී පරවුණු මල් කෙතරම් නම් සමාජය තුළ මැරී මැරී ජීවත්වනවා ඇත්ද ? කායික අවශ්‍යයතාවන් සංතර්පනය වෙනුවෙන් බිලිගත් ජීවිත විනාශ කරගත් පවුල් ප‍්‍රමාණය ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවන අයුරක් දක්නට ලැබෙයි. එක් කාන්තාවක් එක් පුරුෂයෙකු හා බැඳි පෞද්ගලිකත්වය කාන්තාවන් කිහිපයකට පිරිමින් කිහිපයකට පොදු වීම තුළ එකී කාරණය සංකීර්ණත්වයට එළඹෙයි. වන මල් තුළින් සංකේතවත් වන්නේ එහි ප‍්‍රතිඵලයයි. මොහොතක සංතර්පණය දිගුකල් කඳුලක ගමනාන්තයට කෙටිම වු උමං මාර්ගයකි.
යථාර්ත සමාජයේ දක්නට ලැබෙන, සිය හද තුළ ජනිත යොවුන් පෙම පෙම්වතා තමාගෙන් රසවිඳ තෘප්ත වී හැරගිය බැවින් තැවෙනා යුවතියකගේ ලසෝ ගිනි
”වගුල කඳුලැල් සදග වන මල් ” යන්නෙන් අපූරුවට සිත්තම් වේ.
තපසුන්ගේ දැහැන් බිඳ ලූ රජවරුන්ගේ රජ සැපද අතැර දැමීමට පෙළඹ වු මෙය දහමින් ලද ශික්ෂණයෙන් තාවකාලිකව යටපත් කළ ද දිය යට ඔබා ලූ රබර් බෝලයක් සේ අවස්ථාව ලද සැනෙකින් නොපමාව මතුපිටට පැමිණෙන්නේ නිරායාසයෙනි.