ලොකු කංකානම්ගේ තෝමස් පීරිස් මංජු ශී‍්‍ර නම් වු මොහු 1902.10.28 දින අලූත්ගම දී උපත ලැබීය. අයහපත් සෞඛ්‍යය තත්ත්වය හා ආර්ථික අපහසුතාවයන් හේතුවෙන් වයස අවුරුදු 10 දී පාසලින් සමුගනී.
පසුව ඔහුගේ පියා ඔහුව වඩු මඩුවක සේවයට යොමුකරවීය. වඩු මඩුවෙහි ද වැඩි කලක් සේවය නොකළ මොහු කවි කොළ විකිණීමේ රැකියාවක් සොයා ගත්තේ ය.අලූත්ගම සිට බේරුවලටක් බේරුවල සිට අලූත්ගමටත් මහ හයියෙන් කවි කියමින් ඔහු ඇවිද්දේ ය. පසුව එම රැකියාව ද හැර දමා ඔහු කඩයක වැඩට ගියේ ය. කඬේ වැඩ කරන අතරතුර දුටු දසුනකින් ඔහුගේ ගමන් මඟ වෙනස් විය.
ඔහු එදා දුටුවේ බේරුවල දුම්රිපළෙන් බැස සංවරව වඩින භික්ෂූන් වහන්සේලා කිහිපනමකි. පසුව නිවසට ගිය ඔහු හාමුදුරුනමක් සේ හැසිරෙන්නට විය. දින කිහිපයක් තිස්සේ දුටු මෙම දසුන නිසා ඔහුගේ ඔහුගේ පියා, මංගල පිරිවෙනේ අමරවංශ හිමියන්ට දරුවා බාර කළේ ය.
13 වන වියේදී භදන්ත සීලවංශ නමින් පැවිදි බිමට ඇතුළත් වෙයි. පසුව උන්වහන්සේ බේරුවල මංගල පිරිවනෙන් සිංහල, පාලී, සංස්කෘත, අභිධර්මය, යන්ත්‍ර මන්ත්‍ර, අත් වෙදකම් ආදී ශිල්ප රැසක් ප්‍රගුණ කරන්නට ඇත. කලකදී ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්, වල්පොල රාහුල හිමියන්, කලල් ඇල්ලේ ආනන්ද සාගර හිමි ඇසුරු කරන්නට සීලවංශ හිමියන්ට මඟ පෑදුණි. නිදහස් අදහස් සිතට ආවේ මෙම කාලයේ දීය. ජපන් හා චීන භාෂා ද ප්‍රගුණ කළ සීලවංශ හිමියෝ 1922 දී ඉන්දියාවට වැඩි සේක. ඒ අතර නේපාලය, ටිබෙටය ආදී රටවලත් සංචාරය කරමින් මහායානයත්, චිත්‍ර කලාවත් හැදැරීය. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයෙන් හා නන්දලාල් බෝස්ගෙන් චිත්‍ර කලාව තව දුරටත් ප්‍රගුණ කළේ ය.
1934 දී යළි ලංකාවට පැමිණ 1936 දී යළිත් උන්වහන්සේ ඉන්දියාවට වැඩම කළහ. එවර ඉන්දියාවට ගියේ තමන් අඳින ලද චිත්‍ර කිහිපයක් ද රැගෙන ය. ඒවා දුටු රවීන්ද්‍රනාත් තාගෝර් මහතා තමන්ගේ චිත්‍ර සමඟ ශාන්ති නිකේතනයේ ප්‍රදර්ශනය කළේ ය. ප්‍රාණ පූර්ණ රේඛා චිත්‍ර කලාව පිළිබඳ තවදුරටත් හදාරා 1938 දී සීලවංශ හිමියන් යළි ලංකාවට වැඩම කළේ ය. ඉන් පසුව උනවහන්සේ පැරණි විහාරවල සිතුවම් පිටපත් කිරීම සිදු කළේ ය.
ටේ්රසින් පේපර්, පින්සල්, සායම් ඔලෝගුව කදමා ගනිමින් ඇවිද ගිය උන්වහන්සේ දෙස බොහෝ දෙනා බැලූවේ කුතුහලයෙනි. මේ දෙවැනි ලෝක සංග්‍රාමය පැවති කාලය යි. ඔත්තු බලන ජපන් ජාතික හිමි නමක් යැයි සැක කළ යුරෝපා නිලධාරීහු උන්වහන්සේව අත් අඩංගුවට ගත්හ. එහෙත් නොසැලූණු උන්වහන්සේ පිටපත් කළ සිතුවම් පුවත්පත් හරහා පල කළහ. යුරෝපා නිලධාරීන්ගේ ආරාධනයන් හේතුවෙන් වියානා, ඇමරිකාවේ වොෂින්ටන්, නිව්යෝර්ක් ආදී නගරවලත් චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීමට උන්වහන්සේට අවස්ථාව උදා විය.
භදන්ත සීලවංශ හිමියන් උපසම්පදාවෙන් පසු ඥානින්දු හිමි බවට පත් වූ අතර 1947 ජාත්‍යන්තර ප්‍රදර්ශනවලින් පසු උපැදි විය. එතැන් සිට එල්. ටී. පී. මංජු ශ්‍රී නම් විය. මංජු ශ්‍රී ගේ චිත්‍ර කලාව තවත් දියුණු වූ අතර වයස 51 දී විවාහයක් ගැන ද සිතීය. ඔහු විවාහ වූයේ අම්බලංගොඩ දළුවත්ත හේවගේ මංගලා ද සිල්වා සමගිනි. ලොකු කංකානම්ගේ තෝමස් පීරිස් මංජු ශී‍්‍ර අනතුරුව ලේක් හවුස් ආයතනයට සම්බන්ධ විය. 1956 සිට 1968 දක්වා චිත්‍ර අඳීමත් ගවේෂණාත්මක ලිපි සම්පාදනය කළේය. සිළුමිණ හා ඔබ්සර්වර් පුවත්පත්වලට ලිපි සැපයී ය. 1982 ජූලී 16 දා ඔහු අභාවප්‍රාප්ත වූයේ උගුරේ ඇති වූ පිළිකා තත්ත්වයකිනි.
කලාවට සිදු වූ සේවය
පසුගිය සියවස් දෙක තුළ දිවයින පුරා ඉදිකර තිබූ විහාරාරාම අලංකාර කළ බිතු සිතුවම් ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා අධ්‍යනය කරමින් පිටපත් කිරිමේ සුවිසල් මෙහෙවරක යෙදුණු ශිල්පීන් අතර ලොකු කංකානම්ගේ තෝමස් පීරිස් මංජු ශී සිත්තරා ප්‍රධානත්වයක් හිමිකර ගනී. පැරණි ලෙන් විහාරවල මුල් සිතුවම් විනාශ වන අයුරු දැක එහි සැබෑ ස්වරූපය ආරක්ෂා කර දීමට වසර ගණන් මුළුල්ලේ අට්ටාල මත හිඳගෙන අනේක විඳ දුක් කම්කටොලූ මැද ඒ වෙනුවෙන් තම මුළු දිවියම කැප කරමින් අනඟි මෙහෙවරක යෙදුණු ඔහු සැබෑම දේශපේ‍්‍රමියෙකි. එය වඩාත් වැදගත් වන්නේ ඒ පිළිබඳ කිසිඳු සැළකිල්ලක් නොදැක්වුණු අධිරාජ්‍යවාදී යටත් විජිත යුගයේ මේ කාර්යයට අවතීර්ණ වීමයි. එමෙන් ම එක් අතකින් පහනක් අල්ලාගෙන අනෙක් අතින් සිතුවම් පිටපත් කිරීම තුළින් ඒ සඳහා අවම පහසුකම්වත් නොමැතිවිට ඊට දක්වන ලද කැපවීම විදහා දක්වන්නකි.
1. සියම, කාම්බෝජය, තායිවානය, පිලිපීනය, ආදී රටවල විහාර චිත්‍ර නීරීක්ෂණය කොට පුවත්පත් වලට ලිපි සැපයීම.
2. 1937 සිට බොරැල්ල ගෝතමී විහාරයේ බිත්තිවල සැරසිලි මෝස්තර අඳිමින් මොහු ජෝර්ජ් කිට් හට සහය විය.
3. තොටගමුව තෙල්වත්ත විහාරයේ සහ දීපදුත්තාරාමයේ බිතු සිතුවම් රැුක ගත හැකි වූයේ මොහුගේ පරිශ්රමය නිසාය.
4. රංගිරි දඹුලූ විහාරයේ චිත්‍ර පිටපත් කිරීම.
5. මුලකිරිගල රජමහා විහාරයේ චිත්‍ර පිටපත් කිරීම.
6. දෙගල්දොරුව විහාරයේ චිත්‍ර පිටපත් කිරීම.
7. අම්බලංගොඩ සුනන්දාරාමයේ චිත්‍ර පිටපත් කිරීම.
8. ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිතුවම් අඳින ලදී.
9. 1956 සිට 1968 දක්වා සිළුමිණ හා ඔබ්සර්වර් පුවත් පත් වලට ගවේෂණාත්මක ලිපි සැපයීය.
10. හොඳම චිත්‍රය අම්බලංගොඩ ශාන්ති දේවාලයේ කලා භවනේ ප්‍රදර්ශනයට තබා ඇත.
11. දිය සායම් මාධ්‍යයෙන් කළ හොඳම චිත්‍රය පූස් පැටවා නම් චිත්රයයි.
නිර්මාණයන්ගේ ඇගයීම්
1. නිව්යොර්ක් නුවර මහජන පුස්තකාලයේ පැරණි ලියවිලි භාරව කටයුතු කළ කාර්ල් කූප් මහතා ආසියාවේ කලා ශිල්පීන් සොයා ආවේ ය. එහිදී තෝරා ගැනුනේ ජෝර්ජ් කිට්ගේ හා සීලවංශ හිමියන්ගේ චිත්රයි. සීලවංශ හිමියන්ගේ තාරා දෙවඟන නම් චිත්‍රය පළිඟු කර්මාන්තය සඳහා තෝරාගෙන තිබුණි. 1956 වොෂින්ටන් නුවර ජාතික කලා භවනේ දී පළිඟු කැටයම් ප්‍රදර්ශනය කළ අතර ”තාරා දෙවඟන” චිත්‍රය ලෝ පුරා ප්‍රචලිත විය. තව තවත් චිත්‍ර ප්‍රදර්ශනවලට ඇරයුම් ලැබුණි.
2. 1979 දී පිලිපීන රජයෙන් රැවෝන් මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලැබීය. ඩොලර් විසි දහසක් හා රන් පවුමක් ද ත්‍යාග ලෙස හිමිවිය.
3. ”ලංකා බිතු සිතුවම්” නම් ඔහුගේ පිටපත් කළ සිතුවම් පොතට රාජ්‍ය සම්මාන ලැබුණි.
4. 1982 දී පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය සාහිත්‍යය සම්මානයෙන් ද පුදනු ලැබීය.
Thank fo this
ReplyDelete