Wednesday 6 February 2019

සංඥාර්ථවේදය හා සිනමාව

සංඥාර්ථවේදය යනු සංඥා පිළිබ`ද අධ්‍යයනය කරනු ලබන විද්‍යාවකි. යම්කිසි විෂයකට වඩා එය ක‍්‍රමවේදයක් වශයෙන් අවබෝධකර ගැනීම වඩා වැදගත් වේ. මෙහි ඇති වැදගත්කම නිසාම දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව පුරා සංඥාර්ථවේදය පිළිබ`ද විවිධ ක්ෂේත‍්‍රයන් තුළ පුළුල් ලෙස අධ්‍යයනය කිරීමට පටන්ගෙන තිබේ. සංඥාර්ථවේදය හා සංස්කෘතික අධ්‍යයනය, සාහිත්‍ය අධ්‍යයනය, නාට්‍ය අධ්‍යයනය, සන්නිවේදන අධ්‍යයනය වැනි ක්ෂේත‍්‍රයන් තුළ මේ අයුරින් පුළුල් අධ්‍යයනයන් සිදුවී ඇත. මේත් සමග සිනමාවෙහි දෘශ්‍ය සංඥර්ථ කියවීම ස`දහා ද සංඥාර්ථවේදී ප‍්‍රවේශය බහුල වශයෙන් භාවිතා කර ඇත. මේ අනුව දෘශ්‍ය මාධ්‍යයෙහි භාෂාව අධ්‍යයනයේදී සංඥාර්ථවේදය ආශ‍්‍රිතව විවිධ එළඹුම් යොදාගෙන තිබේ. මෙම විවිධ ප‍්‍රවේශයන් අධ්‍යයනය මගින් දෘශ්‍ය මාධ්‍යයන්හි සංඥාර්ථ භාවිතය පිළිබ`දව ගැඹුරු අවබෝධයක් ලබාගත හැකි වේ. සිනමාව මෙන්ම රූපවාහිනී මාධ්‍යය ද විශේෂයෙන්ම රූපය හා ශබ්දය කේන්ද්‍රීය කොටගත් සංඥා පද්ධතියකි. මෙම දෘශ්‍යමය භාෂාව තේරුම් ගැනීමේ මූලික ප‍්‍රවේශයක් සංඥාර්ථවේදය මගින් සපයනු ලබයි. දෘශ්‍ය භාෂාව කෙතරම් ප‍්‍රබලද යත්, මානව විඥානයේ විවිධ තලවල නිලින විවිධාකාරවූ සංකීර්ණ මනෝභාවයන් සාකල්‍යමය වශයෙන් මෙන්ම සියුම්ව ප‍්‍රතිනිර්මාණය කිරීමේ ප‍්‍රබල හැකියාවක් එය සතු වේ. විශේෂයෙන්ම සිනමා මාධ්‍ය වෙනත් කලා මාධ්‍යයන්ට හසු නොවූ මානව හා සමාජ සත්තාවේ සංකීර්ණ හා ගැඹුරු ගති ලක්ෂණ පරාවර්තනය කිරීමේ නෛසර්ගික හැකියාවකින් යුක්තය.
සිනමාවෙහි ඇති හැකියාවන් හා භාවිත කිරීමේ තාක්ෂණික ක‍්‍රම ඒ අයුරින්ම නොවූවත් රූපවාහිනී මාධ්‍ය බිහිවන්නේම සහ තවදුරටත් පවතින්නේ සිනමාවෙහි මූලික ව්‍යාකරණ ආශි‍්‍රතවය. සිනමාවේ හා රූපවාහිනී මාධ්‍යයෙහි ඇති දෘශ්‍ය සංරචනය තේරුම් ගැනීමට නම් ඒ තුළ ඇති සංකීර්ණ සංඥා සහ සංඥා පද්ධති අතර ඇති සම්බන්ධතාවන් සහ ඒවා තුළ ඇති අර්ථයන් වටහාගැනීම අත්‍යවශ්‍ය වේ. දෘශ්‍ය මාධ්‍යය ආඛ්‍යාන ගොඩනගන නිර්මාණකරුවන් විසින් විවිධ සංඥා පද්ධති ආශ‍්‍රයෙන් නිර්මාණය කරනු ලැබ ඇති දෘශ්‍ය හරහා විවිධ අර්ථ පේ‍්‍රක්ෂකයාට සම්පේ‍්‍රෂණය කිරීම සිදුකරයි

1 comment:

  1. ගොඩක් වටිනවා....දිගටම ලියන්න.

    ReplyDelete